ක්‍රීඩා

නායක ඇන්ජලෝට 03 වනදා තරඟය අහිමි වෙයි

(උදයම්,කොළඹ)   –  නායක ඇන්ජලෝ මැතිව්ස්ට් ශූරයින්ගේ කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරඟය අහිමි වනු ඇති බව වාර්තා වේ.

ඒ ඔහු මේ වන විට  පාදයේ ආබාධයකින් පෙලෙන නිසාය.

ඒ අනුව ඔහුට අනිද්දා (03) දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරඟය අහිමිවනු ඇත.

මේ නිසා  ශ්‍රී ලංකා පිලේ  නායකත්වය  බොහෝ දුරට උපුල් තරංගට හිමිවනු ඇති බව වාර්තාවේ.

රටවල් අටක සහභාගීත්වයෙන් එංගලන්තයේදී පැවැත්වෙන අට වැනි චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය අද (01 දා) එංගලන්තය සහ බංග්ලාදේශය අතර තරගයෙන් ආරම්භ වේ.

තරගය ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 2.45 ට පමණ තරගය ආරම්භ වීමට නියමිතය.

Related posts

ධනුෂ්ක ගැන මහේල කියූ දේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා – ඉන්දියා 20 විස්ස තරගාවලිය ලබන ඉරිදා

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කඩුලු 7ක ජයක්

Mohamed Dilsad

Leave a Comment