විදෙස්

පිලිපීනයේදී ගුවන් ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 10 දෙනෙකු මරුට

(උදයම්,කොළඹ)  –  පිලිපීනයේ මරාවි නගරයේ මෙහෙයුමක් අතරතුර හමුදාව අත්වැරදිමකින්  එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි.

එරට ආරක්ෂක අමාත්‍යවරයා ඩෙල්ෆින් ලොරෙන්සානා සඳහන් කර  ඇත්තේ මෙම ප්‍රහාරයෙන් තවත් හමුදා සෙබළුන් 08 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

පසුගිය සතියේ එරට ජනාධිපති රොඩිගෝ ඩුටර්ටේ මරාවි නගරය පිහිටි මින්දනාඕ දිවයිනට යුද නීතිය ප්‍රකාශ කළේය.

ඒ සමග ඇමරිකාවට අත්‍යවශ්‍ය පුද්ගලයෙකු වන ඉස්නිලොන් හැපිලොන් අත්අඩංගුවට ගැනීම සදහා ආරම්භ කළ මෙහෙයුමක් අතරතුර මෙය සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

Related posts

එමීර් රාජ්‍යයෙන් පළමු කොරෝනා ආසාදිත පුද්ගලයා හඳුනාගනී

Mohamed Dilsad

යුක්‍රේන ජනාධිපති, චාල්ස් රජු හමුවෙයි

Editor O

ඉතාලියේ කොරෝනා මරණ ගණන 4800 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment