(උදයම්,මැනිලා) – මැනිලා නුවර ආපන ශාලා සංකීර්ණයක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෝ 34 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති.
අද උදෑසන මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
කෙසේවෙතත් වැඩි පිරිසක් මරණයට පත්වී ඇත්තේ වෙඩි ප්රහාරයෙන් පසු ඇතිවු විෂ දුමක් ආඝ්රහණය කිරීමෙන් පසුව බව මැනිලා නුවර පොලිස් බලධාරීන් ප්රකාශකර ඇත.
මියගිය පිරිසෙන් වැඩි දෙනෙකු කාන්තාවන් වන අතර ඔවුන් නාන කාමර තුල මියගොස් සිටි බව ද විදෙස් වාර්තා වල දැක්වේ.