(උදයම්,කොළඹ) – පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවා අවශ්‍යතා මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නිළධාරින් 12 දෙනෙකු ස්ථාන මාරු කර යවා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකු මෙලෙස ස්ථාන මාරු කර යවා ඇති බව වාර්තාවේ.