කලා

ඉන්දිය නළු රජිනිකාන්ත් දේශපාලනයට

(උදයම්,ඉන්දියාව)  – සුපිරු දකුණු ඉන්දිය නළු රජිනිකාන්ත් දේශපාලයට පැමිණීම ස්ථිර බව ඉන්දීය මාධ්‍ය තහවුරු කරන අතර ඔහු දේශපාලනයට පැමිණීමට නියමිත බව පසුගිය සමයේ ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කළේය.

එය තහවුරු කරමින් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය සඳහන් කළේ භාරතීය ජනතා පක්ෂයේ සහාය ඇතිව පිහිටුවා ගන්නා නව පක්ෂයකින් ඔහු දේශපාලනයට පැමිණෙනු ඇති බවයි.

මෙම නව පක්ෂයේ සැලැස්ම පිළිබඳව බැංගලෝරයේ ඒජන්සියක් විසින් සැලසුම් සකස් කරමින් තිබෙන අතර ඔහු සිය දේශපාලනය කටයුතු තමිල්නාඩුවෙන් ආරම්භ කිරීමට නියමිත බවත් වාර්තා විය.

66 හැවිරිදි රජනිකාන්ත් මීට ඉහතදී පවසා තිබුණේ දෙවියන් කැමතිනම් තමන් හෙට හෝ දේශපාලනය පිවිසෙන බවයි.

දකුණු ඉන්දියාවේ කොංග්‍රස්, ඩී.එම්.කේ. හා ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. යන පක්ෂවල පළපුරුදු දේශපාලන චරිත කිහිපයක් සමග එක්ව ඔහු සිය දේශපාලන ගමන ආරම්භ කිරීමට නියමිත බවත් සදහන්ය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ නායකයන් කිහිපදෙනෙකුම නව පක්ෂය පිළිබඳව රජිනිකාන්තට උපදෙස් ලබාදෙමින් සිටින බවත් ඔහු 2019 වසරේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක් සභා (පාර්ලිමේන්තු) මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බවත් වාර්තා විය.

එසේම තමන් දේශපාලයට පැමිණීමේදී දූෂිත පුද්ගලයන් සමග ගනුදෙනු නොකරන බවත් රජිනකාන්ත් පවසා තිබුණි.

Related posts

91 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේ අවසන් නිර්දේශ මෙන්න….

Mohamed Dilsad

ටෙනිසන් කුරේ කලාකරුවා ජීවිත රඟ මඩලට සමුදෙයි

Mohamed Dilsad

අලුත් පෙම්වතිය සමග රඟපාන රිතික් රෝෂන්

Mohamed Dilsad

Leave a Comment