ප්‍රමුඛ පුවත 1

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

(උදයම්, කොළඹ) – නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (04) තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 14 දෙනෙකු නෝර්වේ දූපත අසල මුහුදු ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 2 ක් , පිටත දහන යන්ත්‍ර 2 ක්, තහනම් දැල් 2 ක්, සහ කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ 1 ක් අත්අඩංගුවට පත් විය.

එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Related posts

වැල්ලවාය ප්‍රදේශයෙන් ආයුධ සොයා ගැනේ.

Mohamed Dilsad

අදත් ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

රාජ්‍ය සංගීත සම්මාන උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment