ප්‍රමුඛ පුවත 1

ඩෙංගු රෝගීන් සඳහා ලබාදෙන ‘ඩෙක්ස්ට්‍රෑන් 40’ ඖෂධය පිළිබඳ පුවත් සාවද්‍යයි – සෞඛ්‍ය අමාත්‍යංශය

(උදයම්, කොළඹ) – ඩෙංගු රෝගීන් සඳහා ලබාදෙන ඩෙක්ස්ට්‍රෑන් 40 ඖෂධය වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කර ඇති බවට ඇතැම් පුවත්පත් පළ කර ඇති වාර්තා සාවද්‍ය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඩෙංගු මර්දන ඒකකය පවසන පරිදි එම ඖෂධයේ ගුණාත්මකභාවය පිළිබඳ ව කිසිඳු ගැටළුවක් නොමැත. දැනට ඩෙංගු රෝගීන්ට සහ ඩෙංගු රක්තපාත රෝගීන් සඳහා අවශ්‍ය ඩෙක්ස්ට්‍රෑන් 40 ඖෂධය තායිලන්තයෙන් පමණක් ආනයනය කරනු ලබයි. තව ද තායිලන්තයෙන් ගෙන්වා ලබාදෙන මෙම ඖෂධය හැර වෙනත් කිසිම රටක නිෂ්පාදනය කරන ඩෙක්ස්ට්‍රෑන් 40 ඖෂධ ශ්‍රී ලංකාවේ රෝහල්වල භාවිත නොකරයි.

ඩෙංගු රෝගය පිළිබඳ සැකකරන ඔිනෑම රෝගියෙකු උණ පවතින්නේ නම් රජයේ රෝහලකට ගොස් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව උදාකර ඇත. වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබාගැනීමෙන් සංකූලතා ඇතිවීම අවම කර ගැනීමටත්, පමා වී පැමිණීමෙන් සිදුවිය හැකි මරණ වළක්වා ගැනීමටත් හැකියාව ඇත.

මෙි පිළිබඳ වැඩිඳුර තොරතුරු සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ජාතික සම්බන්ධිකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා අමතන්න – 0779169108

Related posts

මෙරට ලොකු ලූනු වගාව කඩා වැටීමේ අවධානමක්

Mohamed Dilsad

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති.

Mohamed Dilsad

ඥානසාර හිමියන්ගේ ඉල්ලීම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

Leave a Comment