ප්‍රමුඛ පුවත 1

කටාර් රියාල් භාර නොගන්නා ලෙස වන ප්‍රචාර අසත්‍යයි- මහ බැංකුව

(උදයම්,කොළඹ)  – කටාර් රියාල් භාර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනයක් නිකුත් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහබැංකුව කියා සිටියේ කටාර් රියාල් භාර නොගන්නා ලෙස මහබැංකුව අනෙකුත් බැංකු වෙත දැනුම් දී ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවය.

මේ අතර කටුනායක ගුවන්තොටුපොළේ පිහිටි බැංකු කිහිපයක් විසින් කටාර් රියාල් මාරු කිරීම නැවත ආරම්භ කර ඇති බව වාර්තාවේ.

අද උදෑසන සිට කටුනායක ගුවන්තොටුපොළේ බැංකු විසින් කටාර් රියාල් භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි.

නමුත් මේ වනවිට සීමිත මුදල් ප්‍රමාණයක් මෙලෙස හුවමාරු කරගැනීමට හැකි බව වාර්තා වේ.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ උපරිම මුදල රියාල් 1000ක් දක්වා මෙලෙස හුවමාරු කළ හැකි බවය.

.

Related posts

නිදහස් පක්ෂ විනය කමිටුවේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

ත්‍රස්ත සාමාජිකයා නිදහස් කරගැනීමට පොලිසියට අල්ලස් දුන් සැකකරු යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ගෝඨාභයගේ අතුරු තහනම කල් යයි

Mohamed Dilsad

Leave a Comment