ප්‍රමුඛ පුවත 1

ආපදාවට ලක්වූ ප‍්‍රදේශවල කසළ ඉවත් කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි- ජනපති

(උදයම්,කොළඹ)  –  ගංවතුරෙන් සහ නායයාමෙන් ආපදාවට ලක්වූ ප‍්‍රදේශවල කසළ ඉවත් කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතා  නිලධාරින්ට උපදෙස් දුන්නේය.

කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.

කසළ කළමනාකරණය පිළිබඳ නව නීති හඳුන්වාදෙමින් කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල ක්‍රියාත්මක කර තිබෙන කසළ කළමනාකරණ වැඩසටහන්වල ප‍්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා නිලධාරින්ගෙන් කරුණු විමසීය.

එම වැඩපිළිවෙළේදී රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය අවම කිරිමේ ගැසට් පත‍්‍රයේ ඉදිරි කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර කසළ වර්ගීකරණය පිළිබඳ නිලධාරින් පුහුණු කිරීම මෙන්ම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්වල අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

එහිදී පාසල් දරුවන් දැනුවත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හරහා විශේෂ වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමට ද අවධානය යොමු වූ අතර කසළ කළමනාකරණය පිළිබඳ පළාත් පාලන සහකාර කොමසාරිස්වරු සහ පළාත් පාලන ලේකම්වරු දැනුවත් කිරීමේ සහ ප‍්‍රගතිය ඉහළ නැංවීමේ වැඩමුළු පැවැත්වීමට ද ජනාධිපතිතුමා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දුන්නේය.

අමාත්‍යවරුන් වන මංගල සමරවීර, ගාමිනි ජයවික‍්‍රම පෙරේරා, අනුර පි‍්‍රයදර්ශන යාපා, ෆයිසර් මුස්තාෆා, ගයන්ත කරුණාතිලක, සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.එම්. මරික්කාර් යන මහත්වරුන් ද අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Related posts

අකිල විරාජ් අද ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයේ ඡන්ද විමසීම අද

Mohamed Dilsad

උපරිමාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment