ප්‍රමුඛ පුවත 1

දරුවන් වෙනුවෙන් ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කම් කඩිනමින්

(උදයම්, කළුතර)  – ඉදිරි මාස තුන තුළ දරුවන් වෙනුවෙන් ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
බණ්ඩාරගම, ගෝනදූව ග්‍රාමීය රෝහලේ නව තෙමහල් ගොඩනැඟිල්ල ඉදි කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය.
ඒ අනුව ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කම් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
දරුවන්ගේ ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කමක් සඳහා රුපියල් මිලියන පහක් පමණ වැයවන බවද අමාත්‍යවරයා මහිදී පෙන්වා දුන්නේය.
මේ වන විට මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ගේ ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කම් සිදු කෙරෙන අතර තැලසීමියා රෝගීන්ගේ  ඇටමිඳුලු බද්ධ කිරීම මහනුවර රෝහලේදී ආරම්භ කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

Related posts

තමා වෙනුවෙන් කටයුතු කළ සියල්ලන්ටම ස්තූතියි – සජිත් ප්‍රේමදාස

Mohamed Dilsad

මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වලට බ්‍රිතාන්‍යයේ අඛණ්ඩ සහය

Mohamed Dilsad

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබන 05 වන දා

Mohamed Dilsad

Leave a Comment