ප්‍රමුඛ පුවත 1

පූජ්‍ය බෙන්තර ජිනානන්ද ස්වාමින් වහන්සේට ගාලූ කෝරළයේ ප්‍රධාන සංඝනායක ධූරය පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානය කෙරේ

(උදයම්,කොළඹ)  – බෙන්තර ඓතිහාසික උඩකොටුව බෝධිසමීප භීමතිත්ථ රාජමහා විහාරාධිපති පූජ්‍ය බෙන්තර ජිනානන්ද ස්වාමින් වහන්සේට ගාලූ කෝරළයේ ප්‍රධාන සංඝනායක ධූරය පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ සහ විහාරස්ථානයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ පැවැත්විණි.

බෙන්තොට පුරවරයට මහත් ආශිර්වාදයක් ගෙනෙන හා දෙස් විදෙස් ජන ආකර්ෂණයට ලක්වන අයුරින් බෙන්තර ගංතෙර අසබඩ ගල්තලාව මත සමාධි මුද්‍රාවෙන් යුතු මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකර තිබෙන අතර සමරු ඵලකය නිරාවරණය කර බුද්ධ ප්‍රතිමා වහන්සේ ජනතා වන්දනාමානය සඳහා විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

ශාස්ත්‍රපති, බෙන්තර ජිනානන්ද හිමිපාණන් වහන්සේගේ ආගමික සහ සමාජයීය මෙහෙවර සහ ධර්මධර, විනයධර, උගත් සිල්වත් ගුණය අගයමින් කල්‍යාණිකාරක සංඝසභාව විසින් සද්ධර්ම කීර්ති ශ්‍රී අත්ථදස්සි ගෞරව නාමය සහිත ගාලූ කෝරළයේ ප්‍රධාන සංඝනායක ධූරයෙන් උන්වහන්සේ පුදනු ලැබ තිබෙන අතර අභිනව මහා නායක හිමිපාණන් වහන්සේ වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

පුණ්‍යෝත්සවයේ ප්‍රධාන අනුශාසනාව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ විසින් සිදු කළ අතර පළාතේ ගෞරවනීය මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, මහින්ද අමරවීර, චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක් සහ ප්‍රදේශයේ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

Related posts

බාල කිරිපිටි ආනායනය කරන කිරිපිටි සමාගම් වලට එරෙහිව කඩිනමින් පිරවර- ඇමති හැරිසන් කියයි

Mohamed Dilsad

ඇඳිරි නීති බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

මී උණ රෝගීන් වාර්තාවීම ඉහළට

Mohamed Dilsad

Leave a Comment