ප්‍රමුඛ පුවත 1

අල්ලස් කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් පැමිණිල්ලක්

(උදයම්,කොළඹ ) – ඒකාබද්ධ විපක්ෂය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරයි.

ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙන්නේ රුපියල් බිලියන 150ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කබීර් හෂීම් අමාත්‍යවරයාට එරෙහිව අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.

මෙම පැමිණිල්ල අද(18) දිනයේ සිදු කළ අතර ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී කරුණු දැක්විය.එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ මෙම එයාර් බස් වර්ගයේ ගුවන් යානා ගනුදෙනුව හරහා රජයට බිලියන 150ක අලාභයක් සිදුවී ඇති බවයි.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ අමාත්‍යංශ විෂය පථයට ගැනෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඇණවුම් කළ A350/900 එයාර් බස් වර්ගයේ ගුවන් යානා 3ක් මිලදී ගැනීම අවලංගු කර රජයට අමෙරිකානු ඩොලර් මිලියන 98ක මුදලක් අහිමි කිරීම හා එම ගනුදෙනුව හරහා රජයේ ප්‍රබලයෙකු විසින් අමෙරිකානු ඩොලර් මිලියන10ක කොමිස් මුදලක් ලබා ගැනීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව මෙම පැමිණිල්ල සිදු කර තිබේ.

එමෙන්ම මේ වන විට ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන් විසින්ම විවිධ හෙළිදරව් දැන් දැන් ඒකාබද්ධ විපක්ෂය හුමවේ සිදු කරමින් පවතින බවත්, ඉදිරියේදී ටොල් ටෙන් ටොප් 30-40 විය හැකි බවත් ඒ මහතා පෙන්වා දුනි.

කෙසේවුවද ටොප් ටෙන් දක්වා පැමිණිලි සිදු කරන බවත්, ඉන් පසුව ඒවාට ජනාධිපතිවරයාගේ ක්‍රියාත්මකවීම නිරීක්ෂණය කරන බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ ජනතාවගේ ජනවරමින් පත් වූ ඔහුට ජනවරමට ගරු කිරීම සිදු කළ යුතු වන බවයි.

එමෙන්ම ලබන 27දා නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැළිය ආණ්ඩුවට දැනෙන්න සිදු කරන රැළියක් බවට පත් කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ෆීල්ඩ් මාෂල් ධුරයට හිමි ගෞරවය නිසි පරිදි ලැබෙන්නේ නැහැ…

Mohamed Dilsad

ශාකා ජාලය 400 දක්වා පුළුල් කිරීමට සතොස සුදානම්

Mohamed Dilsad

තමා වෙතින් ඉටුවිය යුතු වගකීම් ගැන නිසි අවධානය යොමුකිරීම ද අතිශය වැදගත්- අගමැති මැයි දින පණිවුඩය

Mohamed Dilsad

Leave a Comment