ප්‍රමුඛ පුවත 1

රත්නපුර දිස්ත්‍රික්කයේ හානියට පත් ආගමික ස්ථාන වෙත මුල්‍ය අධාර

(උදයම්,රත්නපුරය)  –  ගංවතුරින් හානියට පත් රත්නපුර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන14 කට,පල්ලි 02 කට හා කෝවිල් 02 කට රුපියල් ලක්ෂය බැගින් මුදල් ප්‍රතිපාදන ලබාදීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) සිදුකෙරිණි.

මෙයට අමතරව මෙම විහාරස්ථාන,පල්ලි හා කෝවිල් වලට ගංවතුරින් සිදුවී ඇති සම්පූර්ණ ආපදාව තක්සේරු කර ඉදිරියේදී තවත් මුදල් ප්‍රතිපාදන ලබාදීමට අමාත්‍යවරයා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත.

අමාත්‍යවරයාගේ විමධ්‍යගත අරමුදලින් මිලදීගත් ගෘහ භාණ්ඩ ප්‍රදේශයේ ගංවතුරින් අවතැන් වු ජනතාව අතර බෙදා දීම සදහා ඒවා එම ප්‍රදේශ වල විහාරස්ථාන සදහා ලබාදීමද එදින සිදුකෙරිණි.

Related posts

රුහුණු සරසවියේ වැල්ලමඩම පරිශ්‍රයේ සියලු පීඨ වසා දැමේ

Mohamed Dilsad

පිරිමි විදුහලක සිසුන් පිරිසක් බාලිකා විදුහලකට කඩාවැදීම පිළිබඳව පොලිස් පරීක්ෂණ

Mohamed Dilsad

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වැරදි 275ක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment