ප්‍රමුඛ පුවත 1

සැදැහැවත් ජනතාවක් බිහි කිරීමට බෞද්ධ දර්ශනයෙන් හැකියි- අගමැති

(උදයම්,කොළඹ)  – බෞද්ධ දර්ශනය සමස්ත ලාංකේය ජනතාව තෙරුවන් සරණ යන සැදැහැවත් ජනතාවක් බවට පත් කරන්නට සමත් වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොසොන් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නව ජීවනය මිනිස් සිත්සතන් වලට සීමා නොවී පාලන තන්ත්‍රයට ද, සාහිත්‍ය කලා ශිල්පයන්ට ද, කෘෂි කර්මාන්තය, වාරි කර්මාන්තය ආදී කර්මාන්තවලට ද සමස්ත දේශයට ද විහිද පැතිර ගිය බව අගමැතිවරයා පෙන්වා දෙයි.
එම සම්පූර්ණ පණිවුඩය පහත සඳහන් වේ.නිවහල් චින්තනය, අවිහිංසාව, මෛත්‍රිය පෙරදැරි කරගත් නිර්මල බුදුදහම, අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේ ප්‍රමුඛ පිරිස විසින් අප මව්බිමට වැඩම කරන්නේ සමස්ත දේශය තුළ මහා පුනරුදයක් ඇති කරමිනි.බෞද්ධ දර්ශනය සමස්ත ලාංකේය ජනතාව තෙරුවන් සරණ යන සැදැහැවත් ජනතාවක් බවට පත් කරන්නට සමත් විය.
එම නව ජීවනය මිනිස් සිත්සතන් වලට සීමා නොවී පාලන තන්ත්‍රයට ද, සාහිත්‍ය කලා ශිල්පයන්ට ද, කෘෂි කර්මාන්තය, වාරි කර්මාන්තය ආදී කර්මාන්තවලට ද සමස්ත දේශයට ද විහිද පැතිර ගියේ ය.නිර්මල ථෙරවාදී බුදුදහමට රක්ෂස්ථානයක් වූ අප රට, ක්‍රමයෙන් එහි කේන්ද්‍රස්ථානය බවට පත් විය.
ලොව පුරා බුදුදහම ව්‍යාප්ත කිරීම සඳහා සාර්ථක මෙහෙවරක් ඉටුකරන්නට අපට හැකි වීමද සතුටට කරුණකි. මෙවර අන්තර් ජාතික වෙසක් දින සැමරුම් උළෙල සහ ලෝක බෞද්ධ මහා සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ ද එහි ප්‍රතිඵලයක් ලෙසිනි.
එම මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙනයාමට බෞද්ධ දර්ශනයේ සැබෑ හරයෙන් අප ජීවිත පොහොසත් කරගත යුතුය. අන්‍ය ආගම් සහ සංස්කෘතීන්ට ගරු කරමින්, මනුෂ්‍යත්වයට ගරු කරමින් සහජීවනයෙන් ජීවත් වීමේ පරමාදර්ශය යථාර්ථයක් බවට පත්කිරීමේ වගකීම අප සැම හමුවේ ඇත.
ඒ සඳහා අධිෂ්ඨාන සහගතව කැපවන්නට මෙවර පොසොන් පෝ දා සැම සිත් පහන් වේවා..

Related posts

යුරෝපියන් විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රධානෝත්සවය ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ඇමති රිෂාඩ්ගේ මැදිහත් වීමෙන් සාලම්බකුලම් හි කුණු ප්‍රශ්නයට විසදුම්

Mohamed Dilsad

ඇල්පිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයයි.

Mohamed Dilsad

Leave a Comment