ප්‍රමුඛ පුවත 1

හැටන් පාසැලක ගුරුවරුන් පිරිසක් මාධ්‍යවේදීන්ට පහර දෙයි

(උදයම්,හැටන්)  – හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන සෙන්ජෝන් ඩිලරි දෙමළ විද්‍යාලයේ දහවන වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට එම පාසලේ ඉංග්‍රිසී මාධ්‍ය උගන්වන ගුරුවරයෙකු විසින් ඉකුත් 09වනදා පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සමිබන්ධයෙන් එම පාසලේ ආදි සිසුන් සහ දෙමවිපියන් එම පාසල ඉදිරිපිට අද(12)පැවැත්වු උද්ඝෝෂණයක් ආවරණය කිරිමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදීන්  විදින් දෙදෙනෙකුට එම විදුහලේ විදුහල්පතිවරයා ඇතුලු ගුරුවරුන් පිරිසක් පහරදුන්නේ යැයි කියන සිද්ධියක් සමිබන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරීක්ෂණයක් ආරමිභ කර තිබේ.

එම පාසලේ දහවන වසරේ අධ්‍යාපනය ලබන අමරේෂන් අනුෂාන් නැමැති සිසුවාට පාසලේ බාහිර ක්‍රියාකාරකම් සිදු නොකළ බව පවසමින් එම පාසලේ  ඉංග්‍රිසි මාධ්‍ය ගුරුවරයා පහර දුන් බවට එම සිසුවා නොර්වුඩ් පොලිසියට කරන ලද පැමිණීල්ලක්  මත එම ගුරුවරයාව නොර්වුඩ් පොලිසිය මගින් අද (12) අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් ටි. සරවනරාජා මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම ගුරුවරයා ලබන (19)වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බගවන්තලාව මෝරා වතුයායේ පදිංචි රාමචන්ද්‍රන් යන අයයි.

එම සිසුවා තවදුරටත් දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
පහර දුන්නේ යැයි කියන සිද්ධීය සමිබන්ධයෙන් විරෝධය පාමින් එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමවිපියන් පිරිසක් හා ආදි සිසුන් පිරිසක් අද (12) උදෑසන එම විදුහලේ විදුහල්පතිවරයා සමග සාකච්ඡාවක් පවත්වා පසුව විරෝධතාවයක් පැවැත්වීමට ගිය අවස්ථාවේ දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
අදාළ සිදුවීම ආවරණය කිරිමට ගිය ප්‍රාදේශිය මාධ්‍යවේදියෙකුට සහ දමිළ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ගණනාවක ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන එස්. ශතිස්ට එම විදුහලේ විදුහල්පතිවරයා ඇතුලු ගුරුවරුන් පිරිසක් විසින් පහර දි මාධ්‍ය ආවරණ කටයුතු වලට බාධා කරමින් එම මාධ්‍යවේදීන් දෙදෙනාට පහර දෙන ලෙස එම පාසලේ සිසු සිසුවියන්ට විදුහල්පතිවරයා නියෝග කර  තිබේ.

එම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනාව එම ස්ථානයේ සිවිල් ඇදුමින් සැරසි රාජකාරියේ යෙදි සිටි පොලිස් නිළධාරීන් විසින් බේරාගෙන ඇත.

පාසල් සිසුවාට පහර දිම සමිබන්ධයෙන් අද(12) සිංහල සහ දමිළ විද්‍යුත් මුද්‍රිත මාධ්‍යවල පළවී තිබිමත් සමග එම පාසලේ විදුහල්පතිවරයා ඇතුලු ගුරුවරුන් එයට උරණ වි තමන්ට පහර දුන් බව එම ප්‍රාදේශීය මාධ්‍යෙවිදින් දෙදෙනා නොර්වුඩ් පොලිසියට කළ පැමිණිල්ලේ සදහන් කර තිබේ.

මෙම ප්‍රාදේශිය මාධ්‍යවේදීන් දෙදෙනා පාසලේ රාජකාරිවලට බාධා කළ බව පවසමින් එම පාසලේ විදුහල්පතිවරයාද නොර්වුඩ් පොලිසියට පැමිණීල්ලක් කර ඇත.

එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමවිපියන් හා ආදි සිසුන් චෝදනා කරන්නේ පාසල් වෙලාවේදී පවා බිමත්ව අසෝබන ලෙස හැසිරෙමින් එම පාසලේ ගුරුවරුන් කිහිපදෙනෙකු රාජකාරි කරන බවය.

මිට ප්‍රථම අවස්ථා කිහිපයකදිම මෙවැනි අකාරයට ළමුන්ට පහර දි ඇති බවත්  අද (12) දිනයේද එම ගුරුවරුන් පිරිස බිමත්ව සිටි බවටද එම උද්ඝෝෂණයට සහභාගි වු දෙමවිපියන් චෝදනා කරයි.

දෙපාර්ශවය අතර ඇති වු උණුසුම් තත්ත්වය පාලනය කිරිමට නොර්වුඩ් පොලිසියේ නිළධාරින් දැඩි පරිශ්‍රමයක් දරා තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/9-3.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/1-7.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/7-4.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/5-7.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/6-4.jpg”]

Related posts

මළල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර දැයෙන් සමුගනියි

Mohamed Dilsad

ලක්ෂ47ක් වටිනා මත්ද්‍රව්‍ය කටුනායකදී අල්ලයි

Mohamed Dilsad

ප්‍රවීණ රංගධර රෝයි ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment