(උදයම්,කොළඹ) – පෞරාණික තැපැල් කාර්යාල කිහිපයක් සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා ලබාදීමේ සූදානමට එරෙහිව තැපැල් සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
මේ අතර සියලූ තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමේ චක්‍රලේඛයක් ඊයේ පස්වරුවේ නිකුත් කෙරුනි.
නමුත් මෙම චක්‍රලේඛ හරහා සිය වෘත්තිය අරගලය අඩපණ කළ නොහැකි බව චින්තක බණ්ඩාර සඳහන් කරයි.
කෙසේ වෙතත් නිවාඩු අවලංගු කිරීමේ චක්‍රලේඛය උල්ලංඝණය කරමින් කටයුතු කරන සේවකයින් සම්බන්ධයෙන් කළමණාකාරීත්වය දැඩි තීරණයක් ගන්නා බවයි තැපැල්පති රෝහණ අබේරත්න සඳහන් කළේ.