ප්‍රමුඛ පුවත 1

අවශ්‍ය විට ජාති හා ආගම්වාදීන්ට එරෙහි ව නීති ගෙන එනවා – අගමැති

(උදයම්,කොළඹ)  – කිසියම් ආගමකට ජන වර්ගයකට විරුද්ධව ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන පුද්ගලයින්ට සහ වෛරය පැතිරවීමට ක්‍රියා කරන පුද්ගලයන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට  කැබිනට් මණ්ඩලය විසින් තීරණය කළ බවත් අවශ්‍ය වුවහොත් ඒ සඳහා නීති සම්පාදනය කිරීමට ද කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (14) අරලියගහ මන්දිරයේ දී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.
මෙරට ප්‍රධානියා ලෙසින් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2015 ජනවාරි 08දා දිවුරුම් දෙනු ලැබුවේ රටේ සංහිඳියාව ඇති කිරීමට මෙන් ම ජාතික එකඟතාවය ඇති කිරීමට බවත් පෙන්වාදෙන අග්‍රාමාත්‍යවරයා වසර 30ක යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව මෙරටේ ජනතාව සමඟ ඉදිරියට ගමන් කිරීමට මෙන් ම ශ්‍රී ලාංකිකයෙකු ලෙස තමන් සියලු ආගමකට මෙන් ම සංස්කෘතියකට ම ගරු කරන බවත් වෙනත් ආගමක් දෙස බලා හෙළා දකිනවානම් වෛර කරනවානම් ශ්‍රී ලාංකිකයෙකු විය නොහැකි යැයි ද පෙන්වා දෙයි.
“මේ රටේ සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසකම් සමඟ සාමයෙන් ජීවත්වීමට අවස්ථාව උදා කර දී තිබෙනවා. මුස්ලිම් දේවස්ථාන කිහිපයකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය වෙත දැනුම් දී තිබෙනවා. ඕනෑම ජන වර්ගයකට හෝ ආගමකට විරුද්ධව ක්‍රියා කරන්නේ නම්, ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන්නේ නම් එම පුද්ගලයන් සම්බන්ධයෙන් විභාග කොට  අත්අඩංගුවට ගැනීමට හෝ උසාවිය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු කිිසිවක් නතර කොට නැහැ.” යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
ආගම් බේදය නිසා 2014 වසරේ ද විශාල හානියක් රටට සිදු වූ අතර ඒ හරහා අපේ රටේ එඑකමුතු භාවයට හානියක් සිදු වූ බවත් කී අග්‍රාමාත්‍යවරවයා  එමෙන් ම ඒ හරහා මේ රටේ කීර්තියට හානියක් සිදු වූ බවත් නැවතත් එවැන්නක් සිදු වීමට ද ඉඩ නොතබන අතර ම ඒ නිසා විශේෂයෙන් ම පොලිසිය හා අදාළ අනෙක් ආයතන සියල්ල නීතිය හා සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරනවා යැයි ද වැඩිඳුරටත් පැවසීය.

Related posts

පසුගිය මාස 6 තුල සිදුකල වැටලීම් වලදී දුම්රියට ලක්ෂ 53ක්

Mohamed Dilsad

සරත් කුමාර ගුණරත්න ඇප මත නිදහස්

Mohamed Dilsad

පුද්ගලයින් කණ්ඩායමකට එරෙහිව කිසි විට නීතිය ක්‍රියාත්මක නොකරන බව අධිකරණ ඇමතිනිය කියයි

Mohamed Dilsad

Leave a Comment