ප්‍රමුඛ පුවත 1

ප්‍රාථමික කාර්මික අමාත්‍යාංශයේ උතුරු පළාත් නව කාර්යාලය වවුනියාවේදී

(උදයම්,වවුනියාව)  – ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතියේ උතුරු පළාත් කාර්යාලය හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වවුනියාව දිස්ත්‍රික් කාර්යාලය 12 වනදා වවුනියාවේදී විවෘත්ත කිරීම ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

උතුරේ ව්‍යාපාරිකයින්ට මෙම නව කාර්යාලය මගින් අවශ්‍ය දැණුම හා මගපෙන්වීම ලබා ගතහැකි බව කී ඇමතිවරයා නව ව්‍යවසායකයාට වත්මන් රජය යටතේ දේශීය වෙළඳපොල පමණක් නොව ජ්‍යාත්‍යන්තර වෙළඳපොලටද දැන් යොමුවිය හැකිව ඇතැයිද ඒ සඳහා අවශ්‍ය මාවත මෙම කාර්යාලය මගින් ලබා ගැණීමේ හැකියාව උදාවීම සුවිශේෂ අවස්තාවක් බවද පැවසීය.

ජී.එස්.පී .බදු සහනය ලබා ගැණීමට ජනාධිපතිතුමා මෙන්ම අග්‍රාමත්‍යවරයාද ක්‍රියා කිරිම ඇගයිමට ලක්කළ දයා ගමගේ ඇමතිවරයා මෙම සහනය මෙරට නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ව්‍යාපාරිකයාට දියුණව කරා යාමට මග විවරකර ඇතැයිද සඳහන් කළේය.

මෙම උත්සවය එම අමාත්‍යාංශයේ උතුරු පළාත් සම්බන්ධීකරණ නිලධාරි රෝහණ ගමගේ මහතා විසින් සංවිධානය කොට තිබු අතර මෙම අවස්ථාවට වවුනියාව දිසාපති රෝහණ පුෂ්පකුමාර මහතා ප්‍රධාන වවුනියාවේ රාජ්‍ය ආයතන ප්‍රධානින් හා ප්‍රාදේශීය දේශපාලන නායකයින් ආයෝජකයින් ප්‍රදේශවාසින් පිරිසක් එක්ව සිටියහ

Related posts

මරණ දඬුවම ගැන ජනපති යළිත් අවධාරණය කරයි

Mohamed Dilsad

අමෙරිකානු සහකාර ලේකම්වරියක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

LTTE ක්‍රියා හේතුවෙන් ආබාධිත වූ පොලිස් නිළධාරින්ට හිමි සහන කඩිනමින්…

Mohamed Dilsad

Leave a Comment