ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමියන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන 22දා

(උදයම්,කොළඹ)  – තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම කර තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම ලබන 22 සලකා බැලීමට අග්‍රවිනිශ්චරකාර ප්‍රියසාද් ඩෙප් සහ අනිල් ගුණරත්න යන විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.

එදිනට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයට දැනුම්දී තිබේ .

ජාතීන් අතර සුහදතාව කඩාකප්පල්කිරීමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාසය මගින් කිසිදු විධිමත් පරීක්ෂණයක් නොපවත්වා තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත්, ඒ අනුව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්  ඥානසාර හිමියන් විසින් ගොනු කළ පෙත්සමෙන් ඉල්ලා ඇත.

Related posts

තැපැල් ඡන්ද සළකුණු කිරීමේ දෙවන අදියර අද

Mohamed Dilsad

පාලන මැතිවරණය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්

Mohamed Dilsad

කොළඹ අධික වාහන තද බදයක්

Mohamed Dilsad

Leave a Comment