ප්‍රමුඛ පුවත 1

කලවා ප්‍රදේශය පසාරු කරගෙන ගිය ගිනිසීඩියා උලක් විස්මිත සැත්කමකින් පසු ඉවත් කරයි

(උදයම්,ගාල්ල)  – පොල්ගසකින් ඇද වැටිම නිසා වම්පාදයේ කලවා ප්‍රදේශය පසාරු කරගෙන ගොස් තිබු අඩි පහක පමණ ගිනිසීඩියා උලක් විස්මිත සැත්කමකින් පසු ඉවත් කිරිමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නහර හා අවයව බද්ධ කිරිමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා සමත්ව තිබේ.

සිව්දරු පියෙකු වන මෙහු පොල් ගසකින් පොල් කඩා යළී පොල් ගසින් බැසිමේදී අඩි තිස්පහක් හතලිහක් පමණ උසකින් ඇදවැටි ඒ අසල තිබු ගිනිසීඩියා වැටක් මටත වැටි තිබේ. එහිදි ඔහුගේ වම්පාදයේ කලවා ප්‍රදේශය පසාරුකරගෙන යන සේ ගිනිසිඩියා උලක් ඇණී තිබේ.
පසුගිය 12 වැනි දින මෙම සිද්ධිය වි ඇති අතර ඔහු ඇඹ්ලිපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු කලවේ ඇණී තිබූ ලි උලත් සමග 12 වැනි දින පස්වරුවේ කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකොට එවා තිබේ.

එදින පැය දෙකහමාරක පමණ විස්මිත සැත්කමකින් පසු මෙම ලී කොටය ඉවත් කිරිමට විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම සමත්ව ඇත. මෙම සැත්කම නිසා මෙම පුද්ගලයාගේ ජිවිතය බේරාගැනිමට හැකිවි තිබේ. මෙම අනතුරට මුහුණ පෑවේ එදිරිගේ පියසිරි (55) නමැති අගුණුකොඵපැලැස්ස උස්වැව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

මෙකි විස්මිත සැත්කම පිළිබද අදහස් දක්වමින් විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා මේසේ කිවේය.

මෙම රෝගියා මෙම අනතුරට ලක්වුණාට පසු මුලින්ම ඇඹ්ලිපිටිය රෝහලට තමයි ඇතුලත් කරලා තිබුණේ ඒ රෝහලේ වෛද්‍යවරයකු මට කථා කරලා කිවා මෙම රෝගියා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකොට එවනවා කියා සැත්කම කිරිමට. නහර වලට අනතුරක් වි ඇති බව කිවා. ඒ නිසා ලි කොටයත් සමග තමයි එව්වේ. පසුව ශල්‍යාගාරයට මෙම රෝගියා අරගෙන සැත්කමකින් එම ලි කොටය ඉවත් කළා. මුලින්ම පාදයේ රුධිර වහනය නතර කළා. උඩින් තිබු නහරවල ලේ සැපයම නතර කරලා තුවාලය සම්පුර්ණයෙන් හෝදලා නහර පිළිසකර කරලා තමයි සැත්කමකින් ලි කොටය අයින් කළේ. නමුත් මොහුගේ ප්‍රධාන නහරය බේරිලා තිබුණේ. සැත්කමින් පසු මෙම රෝගයාගේ පාදවල ඇති නහරවල හොදින් රුධිරය ගමන් කරනවා. සුසුම්නාවට හානි වේලාද කියලා බලන්න දැන් එම්.ආර්.අයි පරික්ෂණයක් කරණවා. රෝගියා හොද සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා.

මේ වගේ උලක් ඇණුනු අවස්ථාවක එක ගලවන්නේ නැතිව රෝහලට රැගෙන එන්න ඕන. ගලවන්න ගියහොත් රුධිර වහනය වෙලා ජිවිතය පවා නැති වෙන්න පුළුවන්. යැයිද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා කීවේ.

Related posts

දිස්ත්‍රික්ක 7කට නායයාම් අනතුරු අඟවයි

Mohamed Dilsad

පාසැල් වල ආරක්ෂාව සඳහා විශේෂ නීති රීති.

Mohamed Dilsad

මිලියන 20 ක අල්ලස් සිද්ධියේ කුසුම්දාසට හා පියදාසට විදෙස් ගමන් තහනමක්..

Mohamed Dilsad

Leave a Comment