ප්‍රමුඛ පුවත 1

තම රට දිනවන්න කටයුතු කරන්න – ඇමති සාගල රාජකීය විද්‍යාලයේදී කියයි

(උදයම්,කොළඹ)   –  .

කොළඹ, රාජකීය විද්‍යාලයේ නේවාසික සිසුන්ගේ දස්කම් විදහා දැක්වීම වෙනුවෙන් නේවාසික සිසුන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ “මියැසි මීරාවය” සංගීත සන්ධ්‍යාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමින් පෙරේදා987987 (14) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ මහතා ප්‍රකාශ කළේ තමන්ගේ රට දිනවන්න කටයුතු කරන ලෙස රාජකීය විද්‍යාලයේ දරුවන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටි අතර මුළු රට පුරා ප්‍රදේශවලින් සියලුම ජාතීන්, ආගමිකයන් මෙන්ම සියලුම සාමජ පන්තීන් නියෝජනය කරන පිරිස් සාමූහිකව අධ්‍යාපනයේ නියැලෙන සිසුන් පිරිසක් මෙම පාසලේ ඉගෙනු ලබන බව ද පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා සභාව අමතමින් කියා සිටියේ මෙවැනි විෂය බාහිර කටයුතුවලට සාමූහිකව එක්වී කටයුතු කරනවා මෙන්ම පාසල් අධ්‍යාපනය හදාරා සමාජයට පිවිසුණු පසුවද තමන්ගේ රට දිනවන්න සාමූහිකව කපවියයුතු බවයි.

ශිෂ්‍යත්ව විභාගය සමත්වී හයවැනි ශ්‍රේණියේදී රාජකීය විද්‍යාලයට පැමිණෙන බොහෝ සිසුන් ප්‍රමාණයක් නේවාසිකාගාර පහසුකම් ලබාගනිමින් අධ්‍යාපනය ලබන බව පෙන්වා දුන් අමාත්‍යවරයා රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන දරුවන් එක්ව සමූහිකව කටයුතු කිරීම තුළින් ඉතා වැදගත් පණිවුඩයක් සමාජයට ලබාදෙන බව ද සඳහන් කළේය.

අමාත්‍ය සාගල රත්නායක මහතා කොළඹ, රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ශිෂයෙක් වන අතර වර්ෂ 1987 දී විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙසද කටයුතු කර තිබේ.

මෙම සංගීත සන්ධ්‍යාව රාජකීය විද්‍යාලයේ සිසුන්ට අමතරව ආරාධිත පාසල්වල සිසු සිසුවියන්ගේ නර්තන සහ ගායන කුසලතාවලින්ද වර්ණවත් විය.එම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති බී.ඒ. අබේරත්න මහතා, ආරාධිත පාසල්වල සිසු සිසුවියන්, දෙමව්පියන් සහ සිසු දරුවන් විශාල පිරිසක්ද එක්ව සිටියහ.

Related posts

බුදුපුත් සුරක්ෂා හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ වයඹ පළාත් මහෝත්සවය අද (13)

Mohamed Dilsad

බැංකු ගණුදෙනුකරුවන්ගේ මුදල් සුරැකීමට මහ බැංකුවෙන් විශේෂ වැඩපිළිවෙලක්.

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයෙන් ගෙන්වූ කසල කන්ටේනරය ගැන රස පරීක්‍ෂණයක්

Mohamed Dilsad

Leave a Comment