Trending News

විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉල්ලා අස්කර ගන්නැයි බල කරමින් උතුරේ හර්තාල්

(උදයම්,යාපනය )  –  උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ඉල්ලා අස්කර ගන්නැයි බල කරමින් පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරයක් උතුරු පළාත තුළ අද (16) පැවැත්වේ.

එය ප‍්‍රධාන අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් දෙමළ මහජන සභාව විසින් එය සංවිධාන කරනු ලබන බව වාර්තාවේ.

උතුරේ දේශපාලන සංවිධාන, සිවිල් සංවිධාන, යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් සහ එම විශ්ව විද්‍යාලයේ සිසුන් ද මෙම හර්තාල් ව්‍යාපාරයට සහය දක්වීමට නියමිතයි. අදාළ විශ්වාසභංග යෝජනාවට එරෙහිව සිවිල් සංවිධාන කිහිපයක් ඊයේ(15) යාපනයේ දී විරෝධතා ව්‍යාපාර පැවැත් වුණි.

මේ අතර තමන්ට පළාත් සභාව තුළ බහුතර බලයක් තිබේද යන්න පිළිබඳ ඔප්පු කර පෙන්වන්නැයි පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට දැනුම් දීමක්කර ඇත.

ඒ අනුව ඔහුට සහය දක්වන පක්ෂවල සාමාජිකයින් ඊයේ පෙරවරුවේ ප‍්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

ප‍්‍රධාන අමාත්‍යවරයාට බහුතල බලය ඇති බවට ඔප්පු කර පෙන්වීමට නොහැකි වුවහොත් බහුතර බලයක් ඇති පුද්ගලයෙකුට ප‍්‍රධාන අමාත්‍ය ධුරය ලබාදෙන බව ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.

Related posts

R. Kelly pleads not guilty charges accusing him of bribe

Mohamed Dilsad

நடிகரானார் பிரபல கிரிக்கெட் வீரர் விராட் கோலி?

Mohamed Dilsad

ஹெரோயின் போதைப் பொருளுடன் ஒருவர் கைது

Mohamed Dilsad

Leave a Comment