ප්‍රමුඛ පුවත 1

නානුඔය පොලිසියේ තවත් 7කට ස්ථාන මාරු

(උදයම්,නුවරඑළිය)   –   නානුඔය පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරුන් 5 දෙනෙකු හා පොලිස් කොස්තාපල් රියදුරුවරු 2 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය මුලස්ථාන පොලීසිය වෙත මාරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
නානුඔය නගරයේදී රිය අනතුරකින් කුඩා දැරියක් මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ප්‍රදේශවාසින් සහ පොලීසිය අතර ඊයේ (15) නොසන්සුන්කාරි තත්ත්වයක්  හට ගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව නානුඔය පොලීසියේ ස්ථානාධිපතිවරයා ඊයේ දිනයේදීම නුවරඑළිය මූලස්ථාන පොලීසිය වෙත මාරුකර තිබුණි.

Related posts

සෑම පුරවැසියෙකුටම ස්ථාවර ආර්ථිකයක් – ගෝඨාභය රාජපක්ෂ [video]

Mohamed Dilsad

IOC මිලත් පහළට

Mohamed Dilsad

බැදුම්කර වංචාව ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment