ප්‍රමුඛ පුවත 1

නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත්

(උදයම්,කොළඹ)  –  දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. (විශේෂයෙන් උදෑසන සහ රාත්‍රි කාලයේ)සමහර ස්ථාන වල (විශේෂයෙන් කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල) මි.මි. 50 ක පමණ තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.

ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

Related posts

මාකඳුරේ මධූෂ්ව ඇපමත මුදාහරින්නැයි ඔහුගේ නීතිඥයගෙන් ඉල්ලීමක්.

Mohamed Dilsad

අද පළාත් කිහිපයකටම තද සුළං සහ වැසි

Mohamed Dilsad

පා.ම අත්අඩංගුවට ගැනීම ගැන කතානායකගෙන් නිවේදනයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment