ප්‍රමුඛ පුවත 1

මංතීරු නීතිය යටතේ රියදුරන් 4765කට නීතිමය පියවර

(උදයම්,කොළඹ)  –  පසුගිය දිනවල කොළඹ නගරය ආශ්‍රිත ක්‍රියාත්මක කළ මංතීරු නීතිය යටතේ වැරදි සිදුකළ රියදුරන් 4765කට නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.

පසුගිය දොළොස් වන දින සිට පහළොස් වන දින දක්වා කොළඹ නගරය තුළ සහ කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයන්හි මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කරනු ලැබිණි.

එහිදී වැරදි මංතීරු වල රථ ධාවනය කළ රියදුරන් සඳහා දඩ පත්‍රිකා නිකුත් කර ඇති අතර රථ වාහන පොලීසිය මගින් සති අන්තයේ පවත්වන උපදෙස් පංති සඳහා ද අදාළ රියදුරන්ට සහභාගී වීමට සිදුවන බව සඳහන්ය.

මෙම මංතීරු නීතිය ඉදිරියේදී ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පොලීසිය පවසයි.

මං තීරු නීතිය ක්‍රියාත්මක කිරීම මගින් බලාපොරොත්තු වන්නේ කොළඹ නගරය තුළ රථ වාහන තදබදය අවම කරගැනීම බව පොලීසිය වැඩිදුරටත් කියා සිටියි.

Related posts

හිටපු නාවික හමුදා ප්‍රකාශ ඇතුළු 6 ක් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

පාසල් පරික්ෂාවට සුපරීක්ෂණ මණ්ඩලයක්.

Mohamed Dilsad

ගුවන් සමාගම් දෙකේ අක්‍රමිකතා සොයන ජනපති කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment