ප්‍රමුඛ පුවත 1

ජනපති අද යාපනයට

(උදයම් , කොළඹ)- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) යාපනයේ සංචාරයක නිරතවීමට නියමිත බව ජනාධිපති මාධ්‍යඅංශය පවසයි.

ඒ මහතා පෙරවරු 11 ට පලාලි පිහිටි ගුවන් හමුදා මුලස්ථානයට අයත් ගුවන් තොටුපලට ලඟා වීමට නියමිතයි.

ජනපතිවරයාගේ මෙම සංචාරයේදී ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් මුණ ගැසීමටද නියමිතව තිබේ.

පස්වරු 2.15 ට යාපනේ ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයට පිටත්ව යන ජනපතිවරයා එහිදී ” Tell to President ” වැඩසටහනේ තවත් නිල කාර්යාලයක් විවෘත කිරීමට නියමිතයි.

ඉන්පසු පස්වරු 4.15 ට යාපනේ කොටුව පිහිටි වියායම් මංතිරුව අසල රුක් රෝපණ වැඩසටහනකට සහභාගීවීමට නියමිත බව වාර්තාවේ.

Related posts

නේවී සම්පත් යලි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

නව අමාත්‍ය මණ්ඩලය මෙන්න

Mohamed Dilsad

මත්ස්‍ය නිෂ්පාදනය වැඩිවීමට කරදිය ධීවර අංශයේ වැඩි දායකත්වයක්

Mohamed Dilsad

Leave a Comment