ක්‍රීඩා

2017 වසරේ ICC ශූරයින්ගේ කුසලානය පාකිස්ථානය දිනා ගනී

(උදයම්,එංගලන්තය)   –  2017 වසරේ ICC ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පාකිස්තානය සමත්වෙයි.

ඒ අවසන් මහා තරගයේදී ප්‍රභල ඉන්දීය කණ්ඩායම ලකුණු 180කින් පරාජයට පත් කරමිනි.

ඉන්දීය නායකයාගේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය නියමිත පන්දුවාර 50 දී කඩුලූ 04කට ලකුණු 338 ක් රැස් කළේය.

සිය පළමු තරඟාවලියට සහභාගි වන ෆකර් සමාන් එහි දී සිය මංගල ශතකය රැස් කිරීම ද විශේෂත්වයක් විය.

ලකුණු 339ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 30 යි පන්දු 03ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 158ක් පමණි.

එහි දී සාර්ථක වූ එකම පිතිකරුවා බවට පත්වෙමින් හර්දික් පාණ්ඩියා හයේ පහර 06ක් සමග පන්දු 43ක දී ලකුණු 76ක් රැස් කළා.

අනෙක් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 22 සීමාව පසුකර යාමට නොහැකි විය.

ඉන්දීය ඉනිමේ මුළ සිටම පකිස්තාන වේග පන්දු යවන්නන්ගෙන් එල්ල වූයේ දැඩි පීඩනයකි.

ඉන්දීය ඉනිමේ පළමු කඩුලූ 03 ලකුණු 33ක් තුළ බිද වැටුණි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් අමීර් ලකුණු 16කට කඩුලූ 03ක් බිද හෙලීය.

හසන් අලී ලකුණු 19කට කඩුලූ 03 යි.

පාකිස්ථාන කණ්ඩායම මෙවර තරඟාවලියට සුදුසුකම් ලබා ගන්නේ ද අවසන් මොහොතේය.

මෙවර ශූරතාවය දිනා ගත් පකිස්තාන කණ්ඩායමේ ක්‍රීඩකයින් අතරින් හය දෙනෙකුම මෙතෙක් එක්දින තරග 50 සීමාවත් පසු කර නොතිබීම ද විශේෂත්වයක්.

අවසන් තරගයේ වීරයා ලෙස ෆකර් සමාන් සම්මාන දිනා ගත්තේය.

තරගාවලියේ වීරයා සම්මානය හසන් අලීට හිමි විය.

Related posts

බංග්ලාදේශ ක්‍රිකට් නායකය 20යි විස්සෙන් සමු ගනී

Mohamed Dilsad

CWG 2022 : යුපුන් ඉතිහාසගත වෙයි

Mohamed Dilsad

ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා මිකී ආතර් කණ්ඩායමක් තෝරාගනී

Mohamed Dilsad

Leave a Comment