ක්‍රීඩා

ශූරයන්ගේ කුසලානය ජයගත් පාකිස්තාන කණ්ඩායම සිය මව් රටට පැමිණෙයි

(උදයම්,පාකිස්තානය)   –  2017 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත් පාකිස්තාන කණ්ඩායම සිය මව් රටට පැමිණෙයි.අද අළුයම ඔවුන් සිය රටට පැමිණි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඔවුන් පිළිගැනීම සඳහා ලාහෝර් ගුවන් තොටුපළ පරිශ්‍රයේ විශේෂ පිලිගැනීමේ උත්සවයක්ද පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කර තිබූණි.

ක්‍රීඩා ලෝලින් රැසක් ඔවුන් පිලිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවද වාර්තාවේ.

ලාහෝර් ගුවන් තොටුපල ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක්ද සපයා තිබූ බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.

අවසන් මහා තරගයේදී පාකිස්ථානය ඉන්දියාව පරාජයට පත් කළේ ලකුණු 180  කිනි.

 

Related posts

ටෝකියෝ ඔලිම්පික් ඉතා සරළ මට්ටමින්

Mohamed Dilsad

දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 126කට සීමා වෙයි

Mohamed Dilsad

ඉන්දීය – බංග්ලාදේශ දෙවන විස්සයි විස්ස තරඟය අදයි

Mohamed Dilsad

Leave a Comment