ප්‍රමුඛ පුවත 1

අක්ෂි කාච මිල අඩු කිරීමේ ලාභය ජනතාවට නොලැබීම ගැන පරීක්ෂණයක්

(උදයම්,කොළඹ)  – අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් අක්ෂි කාච මිල අඩු කළද එහි නියම ලාභය ජනතාවට නොලැබෙන බවට පැමිණිලි ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනතාවට ලබා දුන් ලාභය අක්ෂි කාච අළෙවි සමාගම් සහ ඇතැම් අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් විසින් බෙදා ගන්නා බවය.

අක්ෂි කාච අළෙවි සමාගම් 38කින් අළෙවි කරන කාච වර්ගවල මිල ගණන් මේ වන විට අඩු කර ඇත.

ඉන් පාරිභෝගිකයන්ට රුපියල් 2000ක පමණ ලාභයක් හිමිව තිබේ.

එහෙත් අක්ෂි කාච මිලදී ගැනීමේ දී පාරිභෝගිකයාට ඊට වඩා ලාභයක් ලැබිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

Related posts

වව්නියාවට හෙට පැය 8 ක් ජල සැපයුම අත්හිටුවයි.

Mohamed Dilsad

රාජිතගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක්

Mohamed Dilsad

ඕනෑම අවස්තාවක ජනාධිපතිවරණයක් පැවැත්ත් විය හැකි – මන්ත්‍රී දිනේෂ් කියයි

Mohamed Dilsad

Leave a Comment