ප්‍රමුඛ පුවත 1

සියලු ම ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීමට පියවර

(උදයම්,කොළඹ)    –  සියලු ම ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කර පාසල්වල පරිපාලන කටයුතු හා අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මේ සඳහා  ජාතික පාසල්වල පවතින  ගුරු පුරප්පාඩු හා අතිරික්ත ගුරුවරුන් සම්බන්ධ තොරතුරු අනුව ගුරු තුලනය කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් දුන් අමාත්‍යවරයා දීර්ඝ කාලයක් පුරා එකම ජාතික පාසලක සේවය කරන ගුරුවරුන් සඳහා ස්ථාන මාරු ලබා දීමටත්,  ජාතික පාසල්වල පවතින ගුරු ඌණතා සහ පවතින ගුරු පුරප්පාඩු සඳහා පළාත් රාජ්‍ය සේවයෙන් නිදහස් කර ඇති  සුදුසුකම් සහිත පළාත් ගුරුවරුන් ජාතික පාසල් ගුරුවරුන් ලෙස බඳවාගැනීමට කටයුතු කරන ලෙසත්  අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

මීට අමතරව ‍ශ්‍රේණිධාරී ගුරුවරුන්ගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ගේ රැස්වීමේ දී අමාත්‍යවරයා මෙම උපදෙස්  ඊයේ (19) ලබා දුන් අතර මෙහි දී ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳව ද විමසා සිටියේය.

විෂය නිර්දේශ වෙනස්කිරීම් හා යාවත්කාලීන වීම්වලට අදාළව ගුරු පුහුණු  කටයුතු අනිවාර්යයෙන් සිදු කළ යුතු බවත් පාසල්වල අභ්‍යන්තර අධීක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතු බවත් ශිෂ්‍යභට ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා ඇතුළු විෂය බාහිර කටයුතු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බවත් මෙහි දී සාකච්ඡාවට ලක් විය.

මේ අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ අතිරේක ලේකම්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Related posts

අන්තර් ජාලය ඔස්සේ මුද්දර ඇණවුම් කිරීමේ සේවාව අරඹයි.

Mohamed Dilsad

“ඉදිරි පරම්පරාවන්ට සාමය හා සහජීවනයේ වටිනාකම නොඅඩුව දායාදකිරීම යුද්ධ හමුදාවේ ප්‍රමුඛ වගකීමයි”-යුද්ධ හමුදාපති

Mohamed Dilsad

එජාපය ශක්තිමත් විපක්ෂයක් ලෙස ඉදිරියේදී කටයුතු කරනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment