ප්‍රමුඛ පුවත 1

පාසල්වල තොරතුරු තාක්‍ෂණ ගැටලුවලට විසඳුම්

(උදයම්,කොළඹ)  –  පාසල් පද්ධතිය තුළ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය භාවිතා  කිරීමේදී මුහුණ පෑමට  සිදුවන විවිධාකාරයේ ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් සකස් කෙරේ.

මේ අනුව පාසල් සිසුන්ට ගුරුවරුන්ට මෙන්ම දෙමාපියන්ට මුහුණ පෑමට සිදුවන ගැටලුවලදී ඇවැසි විසඳුම් ලබාදීම සඳහා ඒ පිළිබඳ ‍විශේෂඥ දැනුම සහිත කණ්ඩායමක් සහාය වනු ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ශාඛාව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ඇත.

පාසල් ශිෂ්‍යය ශිෂ්‍යාවන්  අන්තර්ජාලය පරිගණකය ජංගම දූරකතනය ඇතුළු තාක්‍ෂණික මෙවලම් තමන්ට මෙන්ම සමාජයට හිතකර ආකාරයෙන් භාවිතා කිරීමට දිරි ගැන්වීම සහ ඇතැම් අවස්ථාවලදී අහිතකර ආකාරයෙන් කටයුතු කිරීම නිසා මතු වන ගැටලුවලදී නිසි මග පෙන්වීම මෙම ජාතික වැඩපිළිවෙළෙහි අරමුණ වේ.

තවද මේ සඳහා අවශ්‍යය කෙරෙන තොරතුරු මෙන්ම මග පෙන්වීම සඳහා වෙබ් අඩවියක්ද ස්ථාපනය කිරීමට මෙන්ම මතුවන ගැටලුවලට සවන්දීමේ සහ පිළිතුරු ලබාදීමේ ක්‍රමවේදයක්ද සකස් කෙරේ.

මේ වන විට පාසල් පරිගණක ආරක්‍ෂණ සිදුවීම් ප්‍රතිචාර සංසද(EDUCSIRT) පිහිටුවීම සිදුකරමින් සිටින බවත්  එහි ක්‍රියාකාරිත්වය සඳහා ගුරුවරුන් සියයකට  පමණ පුහුණුව ලබාදී තිබෙන බවත් තොරතුරු තාක්‍ෂණ ශිෂ්‍ය සමාජ පාසල් මට්ටමින් ස්ථාපිත කිරීම ආරම්භ කර තිබෙන බවත්  නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.

Related posts

තැපැල් සේවක වැඩ වර්ජනය අද 4.00ට අවසන්

Mohamed Dilsad

අධිවේගී මාර්ගයේ ගැලනිගම හා දොඩංගොඩ මාර්ගය විවෘතයි

Mohamed Dilsad

හම්බන්තොටට මාතරට විදුලිය නෑ

Mohamed Dilsad

Leave a Comment