ප්‍රමුඛ පුවත 1

රටක ඉදිරි සංවර්ධනට ඩිජිටල් ලේඛන කළමනාකරණයේ වැදගත්කම

(උදයම්,කොළඹ)  – පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් රැසක නව ගොඩනැගිලි සිසු අයිතියට පැවරීම  ඇතුළු සංවර්ධන කටයුතු සඳහා එක් වූ ජනාධිපතිතුමා ඊයේ (21) පෙරවරුවේ අත්තනකඩවල මහා විද්‍යාලයේ සෞන්දර්ය ඒකකය, කෘෂි විද්‍යාගාරය හා ගෘහ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීමේ උත්සවයට ද එක්විය.
අත්තනකඩවල මහා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබූහ.
සමරු ඵලකය නිරාවරණය කර නව සෞන්දර්ය ඒකකය, කෘෂි විද්‍යාගාරය සහ ගෘහ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් සිසු දරුවන්ගේ තොරතුරු විමසීය. විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ සිසුන්ට ජනාධිපතිතුමා තිළිණ ද ප්‍රදානය කළේය.
උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පළාත් අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

Related posts

අනුර කුමාරගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වේ

Mohamed Dilsad

සරසවි නේවාසිකාගාර ගැටලුවට කඩිනමින් විසදුම් -ඇමති කිරිඇල්ල

Mohamed Dilsad

සියලුම වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කරයි

Mohamed Dilsad

Leave a Comment