ප්‍රමුඛ පුවත 1

ඥානසාරස හිමියන් මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගනී

(උදයම්,කොළඹ)  –  අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාරස හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම එම හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් ඉල්ලා අස් කර ගනී.

අද පෙරවරුවේ මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූණු අවස්ථාවේදීයි ඥානසාර හිමියන්ගේ නීතිඥවරයා පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලා සිටි බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

තමන්ට එරෙහිව සිදුකෙරෙන විමර්ශන අවසන් වනතුරු සහ නීතිපති උපදෙස් ලැබෙනතුරු තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් පසුගිය 13 වනදා ඥානසාර හිමියන් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබීය.

Related posts

අනිද්දා ගුරු , විදුහල්පතිවරුන් දීපව්‍යාප්ත වර්ජනයක.

Mohamed Dilsad

ව්‍යාජ ලේබල් අලවා විකිණීමට ඉදිරිපත් කළ පොලිතින් නිෂ්පාදන අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරටට එවූ කටුස්සන් වැනි සත්ව විශේෂයක් ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment