Trending News

වර්ජනයෙන් රෝහල් කටයුතු අඩාලයි

(උදයම්,කොළඹ)   –  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

මාලඹේ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් ඊයේ විශ්වවිද්‍යාල සිසුන් විසින් සංවිධානය කළ විරෝධතාවයට සිදුකළ පහරදීමට එරෙහිව අද(22) පෙරවරු 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා වැඩවර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

කෙසේවෙතත් වෛද්‍ය වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල් වෙත පැමිණ සිටි රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටි බව වාර්තාවේ.

අද පෙරවරුවේ ක්‍රියාත්මක කළ වර්ජනය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් මේ වන විට පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේය.
[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/05.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/06.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/07.jpg”]

 

Related posts

நாட்டின் தொழில் முயற்சியாளர்களை பாராட்டி கௌரவிக்கும் நிகழ்வில் அமைச்சர் ரிஷாத்

Mohamed Dilsad

Hindu pilgrims killed in militant attack in Kashmir

Mohamed Dilsad

Colombo High Court rejects Gotabaya Rajapaksa’s petition on Avant-Garde case

Mohamed Dilsad

Leave a Comment