ප්‍රමුඛ පුවත 1

ජාතික නිවාස දිනය අදයි

(උදයම්,හම්බන්තොට)  –  ජාතික නිවාස දිනය අද (23)යෙදී ඇත. ඒ නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් හම්බන්තොට අද (23) පෙරවරු 10.00ට හම්බන්තොට මානජ්ජාව ග්‍රාමයේ “සඳපහනගම” උදා ගම්මානය ජනතා අයිතියට පැවරීම සහ නව “සෙවණ” ලොතරැයිය ජනගත කිරීම සිදුකෙරේ.
අක්කර හතර හමාරක භූමියක ඉදි කළ මෙම 30වන උදා ගම්මානය වන අතර නව නිවාස 26කින් සමන්විතය.
ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුට ම නිවසක් හිමි කර දීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය සාර්ථක කරගැනීම උදෙසා වර්තමානයේ ක්‍රියාත්මක කෙරෙන ජාතික නිවාස සංවර්ධන වැඩසටහන වඩාත් ඵලදායී අයුරින් ක්‍රියාත්මක කිරීමට හා ඒ සඳහා වැඩි ජන සහභාගිත්වයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන්, මෙරට සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩසටහන මුලින්ම ආරම්භ වුණු දිනය වන ජුනි මස 23 වන දින 2015 වසරේ සිට ‘ජාතික නිවාස දිනය’ ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය කටයුතු කෙරිණි.

Related posts

මැතිවරණ කොමිෂන් පරිශ්‍රය තුළ මාධ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවයි

Mohamed Dilsad

තවත් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

රාජ්‍ය ආයතන ඇගයීමක් පාර්ලිමේන්තුවේදී

Mohamed Dilsad

Leave a Comment