ව්‍යාපාරික

අප්‍රේල් සිට මැයි දක්වා උද්ධමනයේ අඩුවක්

(උදයම්,කොළඹ)  – 2017 අප්‍රේල් මාසයේ උද්ධමනය 8.4% සිට 2017 මැයි මාසයේ වාර්ෂික උද්ධමනය 7.1%කට අඩු වී ඇති ‍බව ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2017 මැයි මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 4.6%ක හා ආහාර නොවන කාණ්ඩයේ 2.5%ක දායකත්වයක් පිළිවෙළින් ලබා දී ඇත. එහෙත් 2016 මැයි මාසයේ උද්ධමනය සඳහා මෙම එක් එක් කාණ්ඩයේ දායකත්වය 2.1%ක් හා 3.1%ක් විය.
කෙසේ නමුත් 2017 මැයි මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සංසන්දනය කළවිට 2017 අප්‍රේල් මාස‍යේ දර්ශකය 121.0 සිට 2017 මැයි මාසයේ දර්ශකය 121.8 දක්වා ඉහළ යාමක් වාර්තා විය. පසුගිය මාසය හා සංසන්දනය කළ විට 2017 මැයි මාසයේ මෙම වැඩිවීම 0.8ක දර්ශකාංක වැඩිවීමක් හා 0.7ක ප්‍රතිශතාංක වැඩිවීමක් ලෙස වාර්තා විය. මෙම මාසික වෙනස්වීමට ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.43%කින් වැඩිවීම හා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.21%කින් වැඩිවීම බලපා ඇත.
ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා එළවළු, රතුළූණු, අළුත් මාළු, සහල්, පොල්, කරවල, සුදුළූණු සහ අර්තාපල් යන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීම බලපා ඇත. එසේ වුවත් කෙසෙල්, පැපොල්, බිත්තර, සීනි, සහ අන්නාසි යන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීමක් වාර්තා වී ඇත.
පසුගිය මාසය හා සසඳන කළ 2017 මැයි මාසයේ ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා විවිධ භාණ්ඩ හා සේවා, ප්‍රවාහන, නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු සහ රෙදිපිළි හා පාවහන් යන කාණ්ඩවල වියදම්වල වටිනාකම වැඩිවීම බලපා ඇත. සෞඛ්‍ය, අධ්‍යාපන සහ ආපනශාලා හා හෝටල් යන කාණ්ඩවල වියදම්වල වටිනාකම ඉතා සුළු වැඩිවීමක් වාර්තා වී ඇත.
එසේ වුවත් මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය කාණ්ඩයේ වියදම්වල වටිනාකම අඩුවී ඇත. සන්නිවේදන සහ විනෝදාත්මක හා සංස්කෘතික සහ යන කාණ්ඩවල වියදම්වල වටිනාකම නොවෙනස්ව පැවතුණි.

Related posts

රුමේනියා රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

Editor O

කොටස් වෙළඳපොල අදට අත්හිටුවයි

Mohamed Dilsad

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment