ප්‍රමුඛ පුවත 1

අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ්

(උදයම්,කොළඹ)  –  අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඔහු ලබන මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අද (23) පෙරවරුවේ මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට පැමිණ සිටි ඔහු එම මාධ්‍ය හමුවෙන් අනතුරුව පිටවයාමේදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේය.

පසුගියදා සයිටම් විරෝධී සිසු විරෝධතා ව්‍යාපාරය අතරතුරදී සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් කඩාවැදී රාජ්‍ය දේපළවලට හානි සිදුකළ බවට එල්ලවන චෝදනාවන්ට අදාළව ඔහු අත්අඩංගුවට ගැනුණි.

Related posts

කිලෝග්‍රෑම් 5 සහ 2.3 ගෘහස්ථ ගෑස් මිල අඩු කෙරේ

Mohamed Dilsad

වහා ක්‍රියාත්මක වන පිරිදි පොලිස් නිළධාරීන් 60 කට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

එජාපය ඉදිරි මැතිවරණ ජයගැනීමට ක්‍රියාකළ යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment