ප්‍රමුඛ පුවත 1

සමස්ත ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක්- අගමැති

(උදයම්,කොළඹ)  –  ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක් වේවා යි හෘදයාංගම සුබපැතුම් පිරිනමන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාමසාන් දිනයට සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

අග්‍රාමාත්‍යවරයාගේ රාමදාන් පණිවිඩය පහතින්,

ලොව පුරා සහෝදර මුස්ලිම් ජනතාව සහෝදරත්වය, සමානාත්මතාවය, සහජීවනය යනඋසස් පරමාර්ථ පෙරදැරි කොටගෙන රාමසාන් උත්සවය මහත් හරසරින් සමරති.

ඉස්ලාම් ධර්මයේ පංච මහා වගකීම් අතර උපවාස ශීලය සුවිශේෂ ස්ථානයක් හිමිකර ගනී. පුරා මාසයක කාලයක් නිරාහර ශීලය රකිමින් රාමසාන් උපවාස පිළිවෙත ඉටුකරන මුස්ලිම් ජනතාව තම සහෝදර ජනතාවගේ දුක් වේදනා, අවශ්‍යතාවන්ට සංවේදී වෙමින්, උපකාර ලැබිය යුතු ජනතාවට පරිත්‍යාගශීලීව සහය වෙමින් සහෝදරත්වය, සහජීවනය ගොඩනැංවීමට රාමසාන් කාලයේ විශේෂයෙන් කටයුතු කරති.

එසේම මෙම උපවාස කාලය තුළ පෞද්ගලිකව මෙන්ම සමාජයක් වශයෙන් වර්ධනය කරගන්නා කායික, මානසික සන්සුන්බව, සංයමය, විනය වඩා යහපත් සමාජයක් ගොඩනැංවීම සඳහා දායක කරගැනීම මුස්ලිම් ජනතාවගේ අපේක්ෂාවය. එකී අපේක්ෂාව යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා මෙම උපවාස සමයේ කායික හා මානසික වශයෙන්අප වර්ධනය කරගන්නා වටිනාකම්, ජීවිතයේ සෑම මොහොතකම පවත්වා ගැනීමට කටයුතුකළ යුතුය.

ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක් වේවා යි හෘදයාංගම සුබපැතුම් පිරිනමමි.

Related posts

අදත් ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් හා ඉන්ධන මිල අඩුවෙයි

Mohamed Dilsad

රුපියලේ අගය ස්ථාවරත්වයකට පැමිණෙයි…

Mohamed Dilsad

Leave a Comment