විදෙස්

ඇමරිකානු වෙබ් අඩවි කිහිපයකට යළි සයිබර් ප්‍රහාරයක්

(උදයම්,ඇමෙරිකාව)  –  ඇමරිකානු රජයේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අයි.එස්. සංවිධානය එල්ල කර ඇති මෙම සයිබර් ප්‍රහාරයෙන් වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ රජයේ වෙබ් අඩවි කිහිපයක් බවයි.

එම ප්‍රාන්තයේ ආණ්ඩුකාර ජෝන් කැසිච්ගේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයෙන් බලපෑම් එල්ලවී ඇත.

සයිබර් ප්‍රහාරයට ලක්වූ පරිගණක පද්ධතිවලට පිවිසුණු විගස ISIS සංවිධානයේ පණිවුඩයක් එය තුළ ප්‍රදර්ශනය වන අතර, එමගින් මැදපෙරදිග රටවල සිදුවන ත්‍රස්ත ප්‍රහාරවල වගකීම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් භාරගත යුතු බව සඳහන්.

Related posts

ඉන්දුනීසියාවේ ගුවන් ගමන් මාර්ග වෙනස් කරයි.

Mohamed Dilsad

ඇමරිකානු ස්වදේශ කටයුතු පිළිබඳ ආරක්ෂක ලේකම්වරිය සිය ධුරයෙන් ඉවත් වේ

Mohamed Dilsad

ඇමෙරිකාවේ ආරක්ෂාව තර කෙරේ

Mohamed Dilsad

Leave a Comment