Trending News

කොළඹ ආරක්ෂාවට 1000ක පොලිස් බල ඇණියක්

(උදයම්,කොළඹ)   –  සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් සහ ඔවුන්ගේ මවුපියන් එක්ව සංවිධාන කොට ඇති දැවැන්ත විරෝධතා පා ගමන හේතුවෙන් පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් දහසකට අධික බළඇණියක් යොදවා කොළඹ ආරක්‍ෂාව අද (28ද) දින තර කිරීමට කටයුතු යෙදූ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

ජල ප්‍රහාරක රථ, කැරලි මර්දන ඒකක, පොලිස් මාර්ග බාධක කොළඹ තෝරාගත් ස්ථාන කිහිපයක ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇති බවද වාර්තා වේ.

මීට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ආදී තෝරාගත් රාජ්‍ය ආයතන කිහිපයකද ආරක්‍ෂාව තර කිරීමට පොලිසිය කටයුතු යොදා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි

Related posts

Charges for stents, cataract lenses banned at Govt. Hospitals – Min. Rajitha Senarathne

Mohamed Dilsad

China’s assistance for Sri Lanka’s development lauded

Mohamed Dilsad

Ambassador Kariyawasam re-elected to the UN Committee on Migrant Workers

Mohamed Dilsad

Leave a Comment