ප්‍රමුඛ පුවත 1

ජනපති මීගමුව රෝහලේ හදීසි නිරීක්ෂණ චාරිකාවක

(උදයම්,කොළඹ)  –  ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (28) පෙරවරුවේ මීගමුව දිස්ති‍්‍රක් රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

රෝහල් පරිශ‍්‍රයේ රැඳීසිටිමින් රෝහලේ කටයුතු සොයා බැලූ ජනාධිපතිවරයා ඩෙංගු විශේෂ ප‍්‍රතිකාර ඒකකය භාර විශේෂඥ වෛද්‍යවරයා සමග ද විශේෂ සාකච්ඡුාවක නිරතවිය.

මීගමුව සහ අවට ප‍්‍රදේශවල ඩෙංගු රෝගින්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් දැනට රෝහලේ ඩෙංගු වාට්ටු සංකීර්ණයේ තදබදයක් තිබෙන අතර වාට්ටු සංකීර්ණයේ අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම රෝහලේ අනෙකුත් සංවර්ධන කටයුතු පිළිබඳව ද සොයා බැලූ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත උපදෙස් දුන් අතර සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරිබාහිරව පළාත් පාලන ආයතන මගින් සිදුකළ යුතු කාර්යයන් කඩිනමින් ඉටුකරදීම සඳහා තම ඝෘජු මැදිහත්වීම ලබාදෙන බව ද ප‍්‍රකාශ කළේය.

අනතුරුව ඩෙංගු රෝගීන්ගේ වාට්ටු සංකීර්ණය වෙත ගිය ජනාධිපතිවරයා එහි කටයුතු නිරීක්ෂණය කළ අතර රෝගීන් සමඟ ද කථාබහක නිරත විය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මින් ඇතුළු ප‍්‍රදේශයේ මහජන නියෝජිතයින් පිරිසක් ද ජනාධිපතිවරයා සමග මෙම අවස්ථාවට එක්විය.

Related posts

පසුගිය වසර හතරක කාලය තුළ වංචාව, දූෂණය, නාස්තිය නැති කිරිමට නොහැකි වුවා – ජනපති

Mohamed Dilsad

බදු රැසක් අහෝසි කිරීමට පියවර [VIDEO]

Mohamed Dilsad

වර්ජනය නිසා දුම්රිය ස්ථානවලට පොලිසිය සහ යුධ හමුදාව ආරක්ෂාවට

Mohamed Dilsad

Leave a Comment