(උදයම්,වෙනිසියුලාව) – වෙනිසියුලාවේ කර්කාස් නගරයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයට ගුවනින් බෝම්බ සහ වෙඩි ප්‍රහාර එල්ල කෙරේ.
විදෙස් වාර්තා සඳහන් කලේ මෙම ගුවන්යානය වෙනිසියුලානු පොලිසියට අයත් යානයක් බවය.
එහි ගුවන් නියමුවා ද පොලිස් නිලධාරියෙකු වන බව විදෙස් වාර්තා වල දැක්වේ.
වෙනිසියුලානු ජනාධිපති නිකලස් මරෝ ශ්‍රේෂ්ඨාධිකරණයට එල්ල වූ බෝම්බ සහ වෙඩි ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් බවට ප්‍රකාශ කර තිබේ.