ප්‍රමුඛ පුවත 1

ඖෂධ අලෙවිහල් නියාමනය කිරීම කාලීන අවශ්‍යතාවයක් – සුව ඇමති

(උදයම්,කොළඹ)  –  ඖෂධ අලෙවිහල් නියාමනය කිරීම කාලීන අවශ්‍යතාවයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමයේ වාර්ෂික සැසිවාරය කොළඹ පදනම් ආයතනයේ දී පසුගියදා පැවැති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජනප්‍රිය ග්‍රීක දාර්ශණික හිපොක්‍රටිස් පවා චිකිත්සකයෙකු මෙන්ම ඖෂධවේදියෙකු ද වන බව පෙන්වා දුන් ඒ මහතා ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීමේ දී ඖෂධවේදීන් විශාල සේවාවක් ඉටු කරන බව ද සඳහන් කළේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමට තමා කටයුතු කළ බවත්  එමගින් රෝගීන්ට  මුදල් පසුම්බියට සහනයක් ලැබුණු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම සංගමයේ වාර්ෂික සැසිවාරයේ මෙවර තේමාව වන බෝනොවන රෝග සුව කිරීමෙි දී රෝගීන්ට වඩා යහපත් තෝරා ගැනීම යන්න එම ක්‍රියාදාමයට ඉතා සමීප වෙනවා. මන් ද ඖෂධ මිල පහත හෙළීම තුලින් බෝනොවන රෝග සඳහා අදාළ ඖෂධ කෙරෙහි වැඩි බලපෑමක් කළ හැකි බැවිනි. ඖෂධවෙිදයේ දී අභියෝගවලට ද මුහුණදීමට සිදු වෙනවා.

ඒ අනුව ඉතා උසස් ඖෂධ භාවිතයක් සැපයීම සහ රෝගීන්ට සේවා සැපයීමේ  දී ඖෂධවේදීන්ගේ වෘත්තීයමය භාවය පිළිබඳ අවධානය යොමු කිරිම ඉතාම වැදගත්. වෘත්තීය ඖෂධවේදී හිඟයත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඖෂධවේදී හිඟයක් නිර්මාණය වී තිඛෙනවා. ඒ අනුව නිසි පුහුණුවක් නොලද සුදුසුකම් නොමැති පුද්ගලයින් ඖෂධවේදීන් ලෙස කටයුතු කිරීම දක්නට ලැබෙනවා.

එම නිසා ඖෂධවේදී පුහුණුව සහ වෘත්තීය සංවර්ධන අවශ්‍යතා පුළුල් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සැළසුම් සකස් කර තිබෙනවා. වෘත්තීය ඖෂධවේදීන් බිහි කරමින් ඖෂධ හල් නිසි පරිසි නියාමනය කිරීම කඩිනම් ක්‍රියාමාර්ගයක් වනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධව රුපියල් බිලියන 12 ක වියදමින් ඖෂධවේදීන් සඳහා වෙනම පීඨයක් ස්ථාපිත කිරීම රජය තීරණය කර අවසන්.

ඖෂධ මණ්ඩල පනත් කෙටුම්පත මගින් ද සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් පුළුල් දායකත්වයක් දැක්වීමට ඖෂධවේදින්ට අවස්ථාව උදා වෙනවා.” යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා, එම සංගමයේ සභාපතිනී වෛද්‍ය චින්තා අබෙිවර්ධන මහත්මිය ඇතුලු ඖෂධවෙිදීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

විජයදාස රාජපක්ෂ මහතා සාක්‍ෂි දෙන්න ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

ඩෙංගු රෝගය යළි බෝවීමේ අවදානමක්

Mohamed Dilsad

බස් දෙකක් මුහුණට මුහුණ ගැටී 20 ක් රෝහලේ [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment