ප්‍රමුඛ පුවත 1

දිවයින පුරා රැකියා 20,000ක් – අගමැති

(උදයම්, කොළඹ) -දිවයින පුරා විවිධ කර්මාන්ත ඇතිකරමින් රැකියා 20000ක් ඇති කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය යෙදෙන ලබන 08දාට පෙර මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (03) කුලියාපිටිය වොක්ස්වගන් කර්මාන්ත ශාලාවට මුල් ගල තැබීමේ උත්සවයට සහභාගි වෙමිනි.

ඉතා කෙටි කාලයක් තුළ මෙම අති විශාල රැකියා ප්‍රමාණයක් ඇතිකිරීමට හැකි වීම ජයග්‍රහණයක් බවත් පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිතුමා හා තමන් ඉන් සෑහීමකට පත් නොවන බවත් පෙන්වාදුන්නේය.

විවිධ රටවල සංචාරය කරමින් ආයෝජන සොයාගනමින් මෙලෙස ආයෝජන ක්‍රියාත්මක කරන්නේ රටේ ආදයම සහ අපනයනය මෙන් ම විදේශ විනිමය වැඩිකර ගැනීමට අවශ්‍ය නිසා යැයි ද කී අග්‍රාමාත්‍යවරයා මේ සඳහා කර්මාන්ත සහ සංවර්ධන කර්මාන්ත දියුණු කළ යුතු බවත් පැවසීය.

“මෙම සංවර්ධන ව්‍යාපෘති විවේචනය කරන පුද්ගලයන්ගෙන් මම අහනවා සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම වරදක්ද කියා. ජනතාව ඳුක්වින්දා හොඳටම ඇති. ඒ නිසා සංවර්ධනය දිගටම ක්‍රියාත්මක කරනවා”.

රටේ ණයබර අනාගත පරපුරට ලබානොදෙන බවත් 2020 වන විට ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යරවයා වැඩිදුරටත් පැවසීය.

Related posts

බස් අනතුරකින් සිසුන් දෙදෙනකු මරුට

Mohamed Dilsad

සියලු දිස්ත්‍රික්කවල ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය අතට

Mohamed Dilsad

ජනමාධ්‍යවේදීන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ

Mohamed Dilsad

Leave a Comment