Trending News

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සංදේශයක් ජනපතිය භාරදීමට මහ නායක හිමිවරු සුදානම්

(උදයම්,කොළඹ)  –   රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සංදේශයක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට භාර දීමට ත්‍රෛනිකායික මහ නාහිමිවරු තීරණය කරති.

හෙට (06) දිනයේ  ජනාධිපතිවරයා සමග උන්වහන්සේලා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

ඊයේ (04) පස්වරුවේ මහනුවර අස්ගිරි මහා විහාරයේදී  පැවැති විශේෂ රැස්වීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ.

මෙහිදී  නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අනවශ්‍ය බවට ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් මෙහි දී ඒකමතිකව තීරණය කළහ.

සයිටම් ගැටළුව සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා වී තිබෙනවා. රෝගී ජනතාවට සිදුවෙන පීඩාව සම්බන්ධයෙන්ද ඉක්මන් තීරණයක් ගත යුතු බවට එහිදී තීරණය කර ඇත.

මෙහිදී මෙම විශේෂ සංදේශය ජනාධිපතිවරයාට භාර දෙනු ඇත.

එය සකස් කිරීම අද (05) දිනය තුළ අවසන් කිරීමට ද නියමිත බව වාර්තාවේ.

මෙම සංදේශය ජනාධිපතිවරයාට භාර දීමෙන් අනතුරුව ගනු ලබන තීන්දු තීරණ මත ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් යළි රැස්වීමට තීරණය කර තිබේ.

 

Related posts

Protesters injured outside Turkish Embassy in DC after Trump-Erdogan meeting [VIDEO]

Mohamed Dilsad

බස් රථවලින් කප්පම් ලබාගැනීම දිනකට රුපියල් කෝටියක්

Editor O

Madras HC grants permission to bury M Karunanidhi on Marina beach (UPDATE)

Mohamed Dilsad

Leave a Comment