ප්‍රමුඛ පුවත 1

විදුලි පන්දමකින් පහරදී පුද්ගලයකු ඝාතනය කෙරේ

(උදයම්,කැකිරාව)   –  විදුලි පන්දමකින් හිසට පහරදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියක් කැකිරාව ප්‍රදේශයෙන් වාර්තාවේ.

කැකිරාව පොලිස් වසමට අයත් උඩනිදිගම ප‍්‍රදේශයේදී එම පහරදීම සිදුව ඇති බව කැකිරාව පොලිසිය පවසයි.

පෞද්ගලික ආරවුලක් මත ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් උඩනිදිගම ප‍්‍රදේශයේ පුද්ගලයකු තවත් පුද්ගලයකුට විදුලි පන්දමකින් පහරදීම සිදුකර ඇත.

තුවාල ලැබූ පුද්ගලයා කැකිරාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට මාරු කර යැවීමෙන් පසුව මියගොස් තිබේ.

විදුලි පන්දමෙන් පහරදී ඇතැයි කියන සැකකරු කැකිරාව දිසා මහේස්ත‍්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වැනිදා දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කර ඇත.

 

Related posts

මියගිය උතුරේ දෙමළ ජනතාව සිහිකර සැමරුම් පැවැත්වීම නීත්‍යානුකූළව අවසර දී නෑ .රජය කියයි

Mohamed Dilsad

නේවි සම්පත් ඇතුළු සැකකරුවන් 7ක් යලි රක්ෂිත බන්ධනාගාරයට.

Mohamed Dilsad

මැන්චෙස්ටර්හි ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට හානියක් නෑ

Mohamed Dilsad

Leave a Comment