ප්‍රමුඛ පුවත 1

සයිටම් විරෝධතා රැලියක් අද නුගේගොඩදී

(උදයම්,කොළඹ)   –  සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමට බල කරන දැවැන්ත විරෝධතා රැලියක් අද (05) නුගේගොඩදී පැවැත්වීමට නියමිතය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු මංගල මද්දුමගේ මහතා පැවසුවේ මෙම විරෝධතා රැලිය සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයන්, විශ්වවිද්‍යාල  ආචාර්යවරුන්, වෘත්තීයවේදීන්, කලාකරුවන්, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිත බවය.

රැලිය ආරම්භ වීමට මත්තෙන් පස්වරු 1.00ට විජේරාම කිරුළපන සහ කළුබෝවිල සිට දැවැන්ත පා ගමන් තුනකින් විරෝධතා රැලියට එක්වීමට නියමිතව තිබේ.

Related posts

වසර 2020 වනවිට සියලු ග්‍රාමීය ප්‍රශ්නවලට විසදුම් ලබාදීමට පියවර

Mohamed Dilsad

සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ආණ්ඩුකාරවරුන් ස්වාධීන වෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment