Trending News

කොළඹ නගරය තුළ ගොඩගැසී ඇති කැළිකසල ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවට පොරොන්දුවක්

(උදයම්,කොළඹ)   –  කොළඹ නගරය තුළ ගොඩගැසී ඇති කැළිකසල ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව රජය පවසයි.

මුතුරාජවෙල අභය භූමියට කැළිකසල බැහැර කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව කොළඹ ප‍්‍රදේශයේ එකතු වන කැලිකසල බැහැර කිරීම පිළිබඳව මේ වන විට ගැටළුවක් මතුව තිබේ.

මේ සම්බන්ධයෙන් ආ කල විමසීමකදී  බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය මහතා පැවසුවේ සනීපාරක්‍ෂක කසල රඳවනයකට මෙම කසල බැහැර කිරීම සඳහා කටයුතු සුදානම් කරන බවය.

මෙම තීරණයට පාඨලී චම්පික රණවක සහ ෆයිසර් මුස්තාෆා යන අමාත්‍යවරුන්ද එකඟතාවය පල කර තිබේ.

ඒ අනුව ගැටළුවක් ඇති නොවන ආකාරයට කැළිකසල බැහැර කිරීමට හැකි ස්ථාන පිළිබඳව ද මේ වන විට හඳුනාගෙන ඇති බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍යවර පැවසීය.

 

Related posts

Showery conditions to enhance and continue – Met. Department

Mohamed Dilsad

ஐக்கிய தேசிய கட்சி உறுப்பினர் கஜா மொஹதீன் அலி உஸ்மான் கைது

Mohamed Dilsad

சமூக வலைத்தளங்களுக்கு விதிக்கப்பட்டிருந்த தடை தொடந்தும் அமுலில்

Mohamed Dilsad

Leave a Comment