ව්‍යාපාරික

දේශීය ඖෂධ නිෂ්පාදනයට නිෂ්පාදන සමාගම් 23ක්

(උදයම්,කොළඹ)   –  රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සඳහා දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීමට ඖෂධ නිෂ්පාදන සමාගම් 23ක් සමග ගිවිසුම් 33ක් අත්සන් කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එම ඖෂධ නිෂ්පාදන සමාගම් සමග ගිවිසුම් අත්සන් කිරිම 11 දා කොළඹ දී සිදු කිරීමට නියමිතය.
එම සමාගම්වල හිමිකරුවන් සහ සෞඛ්‍ය, පෝෂණ  හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. කර්මාන්තකරුවන් මුහුණ දි ඇති ගැටළු මෙහිදී සාකච්ඡා කළ අතර, එම ගැටළුවලට සෞඛ්‍ය අමාත්‍යවරයා විසඳුම් ලබාදෙන ලදි. හොරණ, කළුතර, කොග්ගල සහ මහනුවර යන ප්‍රදේශවල මෙම කර්මාන්ත ශාලා ඉදිකරන අතර, එමගින් රැකියා අවස්ථා 2000 ක් පමණ නිර්මාණය වෙයි. ඇතැම් කර්මාන්ත ශාලා ඉදිකිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇත.
නව කර්මාන්ත ශාලා මගින් නිෂ්පාදනය කරන ඖෂධ රජයේ රෝහල්වල රෝගී ප්‍රතිකාර සේවා සඳහා ලබාගැනීමට නියමිතය. ඖෂධ ආනයනය කිරිම සඳහා වාර්ෂිකව රජය වැය කරන රුපියල් බිලියන 45 ක මුදල ඉතිරි කර ගැනීමට මෙමගින් හැකියාව ලැඛෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදි. 2018 වර්ෂය අවසන් වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වර්ගවලින් සියයට 75 ක් දේශීය නිෂ්පාදනය කිරිමට තම බලාපොරොත්තුව බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිඳුරටත් පවසයි.

Related posts

මෙරට ඉදිවන විශාලතම TRI ZEN ගොඩනැගිල්ලෙහි පයිලින් කටයුතු නිම කිරීමට ඩී.පී ජයසිංහ පයිලින් සමත්වෙයි

Mohamed Dilsad

සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

සතොස මුහුණු ආවරණ අලෙවියෙන් කොටසක් මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට

Mohamed Dilsad

Leave a Comment