ප්‍රමුඛ පුවත 1

පවතින නියගයෙන් පීඩාවට පත් සංඛ්‍යාව මිලියන 1.4 ඉක්මවයි

(උදයම්,කොළඹ ) –  ඉදිරි දින කිහිපය තුළදී වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ දිනයේ ද ප්‍රදේශ කිහිපයකට වැසි ඇද හැලූණු බවද වාර්තාවෙයි.

දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි වැසි තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් පැවසීය.

කෙසේ වෙතත්, මේ අතර, පළාත් කිහිපයකට බලපා ඇති නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගල සංඛ්‍යාව මේ වන විට දස ලක්ෂ 41,690 ඉක්ම වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ඔවුන් පවුල් දෙලක්ෂ 51,310කට අයත් බව එම මධ්‍යස්ථානය සදහන් කරයි.

 

Related posts

පක්ෂය ඉදිරියට ගෙන යාහැකි එකම නායකයා සජිත් [VIDEO]

Mohamed Dilsad

පාරිභෝගික නීති කඩකළ පංචිකාවත්තේ වෙළෙඳ සැල් 30කට නීතිමය පියවර

Mohamed Dilsad

70 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් නිකුත් කළ සමරු මුදල් නෝට්ටුව ජනපතිට පිළිගන්වයි

Mohamed Dilsad

Leave a Comment